ආගම් විකෘති කිරීම වළක්වමින් ආගමික නිදහස තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් එම තීරණයට එළැඹි බවයි.

මේ අතර, බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය මහත්මිය ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ මහරගම, නීලම්මහර පිහිටි නිවසට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව පෙරේදා(28) රාත්‍රියේ ඇය අත්අඩංගුවට ගැනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *