අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදි මෙම කරුණු ඉදිරිපත් කළා.

එහි ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, පියයුරු පිළිකා කල්තියා හදුනාගැනීමෙන් එමඟින් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බවයි.

වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව ද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා.

ඒ අතරින් 125ක් පමණ පිරිමි පුද්ගලයින් වන බවයි වෛද්‍ය හසරැලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ.

පියයුරුවේ ඇති වෙන යම් ගැටිත්තක්, වළ ගැසීමක්, එහෙමත් නැත්නම් සමේ වර්ණයේ වෙනසක්, සම ඝන වීමක්, තව දුරටත් කිව්වොත් කිහිල්ලේ ඇති වෙන යම් ගැටිත්තක්, තන පුඩුවේ ඇති වෙන වෙනස්කම්, මේ වගේ තත්ත්වයක් ඇති වුණහොත් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතු බවටයි වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ.

මේ අතර සුව නාරි සායනය, රෝහල්වල ඇති සුව දිවි සායන,රෝහල්වල පිහිටුවා ඇති පියයුරු සායන සහ ශල්‍ය සායනයකින් පියයුරු පරීක්ෂා කිරීමෙන් පියයුරු පිළිකා ඇත්දැයි තහවුරු කර ගැනීමේ ජ්හැකියාව පවතින බවත් , අ අනුව මුල් අවස්ථාවේම හඳුනා ගැනීම මඟින් එම රෝගයට ඉක්මන් ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතින බවත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *