කටුවන – වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ දහතුනේ කණුව ආසන්නයේදී කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් හත්දෙනෙකු තුවාල ලබා ඇතැයි කටුවන පොලිසිය පවසයි .

අද අලුයම 3.40 ට පමණ මෙම අනතුර සිදුවී තිබෙනවා.

මාකදුර බැරගම සන්රයිස් තේ කම්හලේ සේවිකාවන් එකලොස් දෙනෙකු කටුවන බලා ප්‍රවාහනය කරමින් සිටියදී රියදුරුට නින්ද යාම නිසා කැබ් රථය පෙරලී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරින් කැබ්රියේ සිටි කාන්තාවන් හය දෙනෙකු සහ රියදුරු තුවාල ලබා ඇති අතර තුවාල කරුවන් කටුවන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් පස් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

ඉන් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බවයි පොලිසිය පැවසුවේ.

රියදුරු සහ අනතුරින් තුවාල ලැබූ එක් කාන්තාවක් කටුවන රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

කැබ් රථයේ රියදුරු කටුවන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර කටුවන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *