පොල්ගොල්ල වේල්ලට පහළින් මහවැලි ගඟේ දිය නාමින් සිටියදී ගසාගෙන ගිය තරුණයන් පස් දෙනාගෙන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව වත්තේගම පොලිසිය පවසනවා.

මෙම තරුණයින් පස්දෙනා මත්පැන් පානය කර මහවැලි ගඟට බැස ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

පොල්ගොල්ල ජලාශයෙන් වික්ටෝරියා වේල්ලට ජලය මුදා හරින එක් වාන් දොරටුවක් විවෘත කර තිබූ අතර සැඩ පහරට හසු වූ තරුණයන් ජල පහරට ගසාගෙන ගොස් තිබෙනවා.

මෙම තරුණයන් යග්ගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

මින් එක් තරුණයෙකුගේ මවක් විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඇය විසින් රැගෙන ආ විදේශීය මත්පැන් බෝතලයක් පානය කර මෙම තරුණයින් දියට බැස ඇති බවයි වාර්තා වන්නේ.

ගසාගෙන ගිය තරුණයින් දෙදෙනා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *