දීර්ඝ කාලයක සිට දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ අයිස් සහ මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙහිඅත්තකන්ඩිය පොලිස් වසමේ සදුන්පුර, උත්තලපුර පන්සල අසල දී මෙම වැටලීම සිදුකර තිබුණා.

එහි දී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 50 ක් සහ මත්කරල් 330 ක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු උත්තලපුර, දමනේවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක පුද්ගලයෙක්.

ඔහු සන්තයේ තිබී ජංගම දුරකථනයක් සහ සිම්පත් 04 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර දෙහිඅත්තකන්ඩිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *