ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවති ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනිමේ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 70 ක ජයක් ලබා ගැනිමට හැකිවිය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේදි කඩුලු 7ක් දැවි ලකුණු 172ක් ලබා ගැනිමට සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩාකල අයර්ලන්ත කණ්ඩායමට රැස්කරගැනිමට හැකිවුයේ ලකුණු 102 ක් පමණි.

ඒම තරගයේ ජයත් සමග පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබිමේ වටයේ එක් තරගයක් ශ්‍රී ලංකාවට ඉතුරුව තිබියදි අවසන් කණ්ඩායම් 12 අතරට පැමිණිමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *