ලෝක ක්‍රිකට් තරඟ ඉතිහාසයේ මහා සංග්‍රාම දෙකක් අද ආරම්භ වෙයි. ඒ එක් සංග්‍රාමයක් වනුයේ, දරුණු එදිරිවාදිකම් වලින් සමන්විත ඉන්දියාව සහ පාකිස්තානය අතර තරඟයයි.

දේශපාලන මතභේද හේතුවෙන් පරම ප්‍රතිවාදී මෙම රටවල් ප්‍රධාන තරඟාවලි වලින් පිටත ක්‍රීඩා කරන්නේ කලාතුරකිනි.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිවලදී ඉන්දියාව පාකිස්ථානයට එරෙහිව මුහුණ දුන් තරඟ 7 ම ජයගෙන තිබේ.

ඔවුන් අවසන් වරට මුණගැසුණේ 2019 එංගලන්තයේ පැවති ලෝක කුසලානයේදීයි. දෙරටේ පමණක් නොව ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ ඇස අද පැවැත්වෙන මෙම තීරණාත්මක හා තියුණු තරඟය දෙය යොමි වී ඇති බව නොරහසකි.

අද දිනයේ ශ්‍රී ලංකාව සහ බංගාලාදේශය අතර තරඟයද ඉන්දු – පාකිස්ථාන තරඟයට නොදෙවෙනි වැදගත්කමක් ඇති සංග්‍රාමයකි.

2021 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරඟය මෙයයි.

සුදුසුකම් ලැබීමේ වටයේදී නැමීබියාව, අයර්ලන්තය හා නෙදර්ලන්තය සමඟ පැවති තරඟ විශ්ෂ්ඨ ලෙස ජයගත් ශ්‍රී ලංකාව අද තරඟයට මුහුණ දෙන්නේ අපරාජිත කණ්ඩායමක් ලෙසයි.

බංග්ලාදේශය, ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවතී තරඟයෙන් පරාජය වූවද ඕමානය හා පැපුවා නිව්ගීනියාව ට එරෙහි තරඟ දෙකම ජය ගනු ලැබීම හේතුවෙන් ඔවුන් සුපිරි 12 දෙනාගේ වටයට ඇතුල් විය.

අද තරඟය සඳහා ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා නොකරණ බව මේවන විට වාර්තා වන්නේ පසුගිය තරඟයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

මෙම තරඟය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට සාජා හිදී ආරම්භ වීමට නියමිතයි.

පසුගිය තරඟයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක, වනිදු හසරංග, චාමික කරුණාරත්න ඇතුළු ක්‍රිඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් සමඟ පිලිසදරක නිරතවන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගත හැකි විය.

එහිදී ක්‍රීඩාලෝලීන් ශ්‍රී ලංකා ක්‍රිකඩකයින්ගෙන් ඉල්ලා සිටියේ බංග්ලාදේශයට එරෙහිව අද පැවත්වෙන තරඟයද ජයගෙන මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කර දෙන ලෙසයි. තමන්ට ගෞරවයෙන් නැවත සේවා ස්ථාන වෙත යෑමට බංග්ලාදේශයට එරෙහි අද තරඟ ජයග්‍රහණය වැදගත් බව මැදපෙරදිග සේවය කරන එම ක්‍රීඩා ලොලීන් ශ්‍රී ලංකා ක්‍රිඩකයින් වෙත කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *