විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (28) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.30ට තරගය ආරම්භ කිරීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලම ශක්තිය වේග පන්දු යවන්නන් බවත්, ඔවුන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් වෙනමම සැලැස්මක් යටතේ දින දෙකක කාලයක් පුහුණුවීම් කළ බවත් චරිත් අසලංක මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය අසලංක, ඕස්ට්‍රේලියාවට ‍එරෙහිව පැවැත්වෙන තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව සඳහන් කළා.

“ඕස්ට්‍රේලියාව ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඒක හැමෝම දන්නවා.ඒගො‍ල්ලෝ වෙනුවෙන් අපිට වෙනම සැලැස්මක් තියෙනවා. දවසක් අරගෙන අපි සැලසුම් සකස් කළා ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් එකක් සෙල්ලම් කරන්න ඕන කොහොමද කියලා. මොකද බංග්ලාදේශ කණ්ඩායම ගත්තාම හාත්පසින්ම වෙනස්. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශක්තිය තියෙන්නෙ වේග පන්දු යවන්නන් අතේ. පිතිකරුවන් විදියට අපි ඒකට ලෑස්ති වෙලා දවස් දෙකක් පුහුණුවීම් කළා. ඒ නිසා හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි අසලංක සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *