දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ ඇතුළු රටවල් වලින් වාර්තා වන නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අත්හිටුවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) පියවර ගත්තේය.

මෙම තරගාවලිය සහභාගී වී සිටින ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනකු ඇතුළු සාමාජිකාවන් හය දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.

තවද ඊයේ (27) දින බටහිර ඉන්දීය කොදෙව් පිල ශ්‍රී ලංකා පිල සමග තරඟ කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙම තීරණයට එළඹියේය.

තරගාවලියට සහභාගී වී සිටින කණ්ඩායම් දහයම අද දිනයේ එකම ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් කර හැරීමට සිම්බාබ්වේ ක්‍රිකට් බලධාරීහු තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *