ඊයේ දිනයේ ඇති වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමග ස්වයංක්‍රීයව ක‍්‍රියා විරහිත වී ඇති නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය නැවත පණ ගන්වන තෙක් ඉදිරි දින 04 ප්‍රදේශයෙන් ප්‍රදේශයට අවශ්‍යතාවය මත විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

පස්වරු 06 සිට පස්වරු 09.30 දක්වා අතර කාලය තුළ පැයක පමණ කාලයක් සඳහා විදුලිය සැපයීම සීමා කෙරෙන බවයි වාර්තා වන්නේ.

නොරොච්චෝල බලාගාරයේ මෙගා වොට් 600ක පමණ ප්‍රමාණයක් යළිත් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට දින තුනක පමණ කාලයක් ගත වන අතර ඒ අනුව ඉල්ලුමට සරිලන විදුලි බලය පද්ධතිය සතු නොවීමෙන් මෙලෙස විදුලිය කපා හැරීමට සිදුවී තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *