අක්කර 42ක ඉඩමක පිහිටි වැලිකඩ බන්ධනාගාරය දිගු කාලීන බදු පදනම යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවන් රජය ලබා දීමට තීරණය කර ඇත.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර ,හොරණ මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 280 ක පමණ ඉඩමක නැවත බන්ධනාගාරය ඉදිකිරීමටද බන්ධනාගාර මූලස්ථානය බත්තරමුල්ලේත් නිල නිවාස සංකීර්ණය මාලබේ ප්‍රදේශයේත් ඉදිකිරීමට යෝජනා වී ඇත.මේ සදහා වැය වන මුදල වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම බදු දීමෙන් ලැබෙන මුදලින් පියවාගැනීමට ද යෝජනා කර ඇත .

මෙම සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවන් වැලිකඩ බන්ධනාගාරය ලබා දීමෙන් රුපියල් කෝටි 2630 ක පමණ මුදලක් ල්බාගැනීමට ඇස්තමේන්තු කර තිබේ . නමුත් හොරණ මිල්ලනිය බන්ධනාගාරය ඉදිකිරීමට, බන්ධනාගාර මූලස්ථානය, නිල නිවාස සංකීර්ණය ඉදිකිරීමට සහ ඉඩම් පවරා ගැනීම සඳහා රුපියල් කෝටි 3147ක පමණ මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *