ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහායෙන් ජනාධිපති වීමට ඇතැමුන් උත්සාහ දරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

ඒ පිළිබඳව සිදුවන සාකච්ඡා සම්බන්ධයෙන් ඉදිරියේදී තමන් හෙළිදරව් කරන බවත් ඇය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කරන ලද්දේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට පත් කර ඇති විශේෂ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමෙන් ඇය පිටත් කර යැවීමට එහි සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමසීමේදීය.

කෙසේ වෙතත් ඇය සඳහන් කරන්නේ තමන් එතනින් ඉවත් නොකළ බවත් වෙනත් අවශ්‍ය වැඩක් සඳහා තමන් එතනින් නැගිට ඉවත්ව ගිය බවත්ය.

එම අවස්ථාවේ එහි තිබූ කැමරා පද්ධතිය නිරීක්ෂණය කළහොත් සිදුවූ සිදුවීම නිවැරැදිව වටහා ගත හැකි බව ද ඇය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *