ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබූ නියෝගය ඉවත් කර තිබෙනවා.

සිඩ්නි හි Downing Centre අධිකරණයේදී ඔහුට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේ දී සිදු කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව එම තහනම ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් 17 වනදා මුදල් ඇප මත මුදාහැර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *