පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වැනි දා පැවැත්වීම දැඩි අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පවතින තත්ත්වය අනුව මැතිවරණය නියමිත දින පැවැත්වීම ගැටලු සහගත බවයි.

2017 අංක 16 දරණ පළාත් පාලන මැතිවරණ පනතේ සඳහන් පරිදි දින වකවානු සලකා බැලීමේදී අප්‍රේල් 25 වැනි දා මැතිවරණය පැවැත්වීම කිසිසේත්ම සිදුකළ නොහැකි වනු ඇති බව එම නිලධාරීයා සඳහන් කළේ ය.

ඔහු පෙන්වා දෙන්නේ, පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ද මේ දක්වා නිසි පරිදි ලැබී නොමැති බවයි.

මීට අමතරව, මැතිවරණ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සහ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් ගැන සාකච්ඡාවට පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සාකච්ඡාවක් ඉල්ලා සිටිය ද ඊට මෙතෙක් අවස්ථාව හිම වී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *