ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු හමුදා කඳුවුරක් පිහිටුවීමට තම රටට කිසිදු අදහසක් නැති බව කොළඹ සිටින ඇමරිකානු තානාපති ජූලි චං මහත්මිය සඳහන් කරයි.

ඇමරිකාවේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙකුගේ මෙරට සංචාරයක පිළිබඳව කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ඇය ඩේලි මිරර් පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සදහන් කර ඇත.

ඉදිරිපත් කර ඇති ප්‍රති ත්‍රස්ත පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවත් පනත ගෙන ඒමට පෙර අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් අදහස් ලබාගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඇය කියා සිටී.

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ප‍්‍රසාදය පළ කරසින් ඇය සදහන් කර ඇත්තේ රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය සහතික කිරීමට එය ඉවහල් වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *