පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටු වාර්තාවේ මූලික කෙටුම්පත අද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දෙනු ලැබුවා. ඒ, සීමා නිර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින්.

කොට්ඨාශ සීමාවන් හා ජන සංඛ්‍යාවන් පිළිබඳව වූ නව සීමාවන් එම මූලික කෙටුම්පතේ සදහන්ව ඇති අතර එකී කෙටුම්පත ඉදිරියේදී දිස්ත්‍රික් ලේකම්වරුන් හා දේශපාලන පක්ෂ වෙත යොමු කිරීමට නියමිතයි.

මේ වනවිටත් එම වාර්තාවට ඇතුල් කිරීම සදහා ආගමික නායකයින් හා විවිධ සංවිධානවල යෝජනා ඉදිරිපත්ව තිබෙනවා. කමිටු වාර්තාව සැකසීම සදහා එළැඹෙන අප්‍රේල් 30 දක්වා කාලය ලබා දී ඇති බැවින් අදාළ වාර්තාවට ඇතුළත් කිරීම සදහා ලැබෙන යෝජනා සම්බන්ධව ඒ වන තෙක් කරුණු සලකා බැලෙන බවයි සීමානිර්ණය කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මාධ්‍ය හමුවේ කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *