අද (17) උදෑසන 06න් අවසන් වූ පැය 48ක කාලය තුළ අධිවේගී මාර්ගයන්හි ආදායම රුපියල් කෝටි 7ක් ඉක්මවා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එල්. වී. එස්. වීරකෝන් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය , කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ග භාවිතා කිරීමෙන් මෙම ආදායම ලැබී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ මහතා වැඩි දුරටත් කියා සිටින්නේ එම කාලය තුළ අධිවේගී මාර්ග තුළ ධාවනය වූ වාහන සංඛ්‍යාව දෙලක්ෂ පනස් හය දහස පසුකර ඇති බවයි.

විශාල වාහන ප්‍රමාණයක් ගමන් ගත්තද මාරාන්තික අනතුරු සිදු නොවීම විශේෂ වන අතර අධිවේගී මාර්ගයේ ස්ථාන 41කට පමණක් තරමක හානි සිදු වී ඇති බව සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *