ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ සඳහා වන පොදු වැඩපිළිවෙළක් පළමුව එළි දැක්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එම වැඩපිළිවෙළ අනුව ආණ්ඩුවට සහාය දක්වන්නේ ද නැද්ද යන්න පිළිබඳව සමස්ථ විපක්ෂයකටම තීන්දු කළ හැකි බවද හෙතෙම කියා සිටී.

එසේ නැතිව අමාත්‍යධූර බෙදාගැනීමේ අර්ථයෙන් පමණක් ජාතික ආණ්ඩු පිහිටුවන්නේ නම් එයින් සිදුවන්නේ විනාශයක් පමණක් බවද හෙතෙම සඳහන් කළේය.

රට ගොඩනැගීම සදහා පක්‍ෂ බේද අතහැර ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතුයැයි මුලින්ම යෝජනා ඉදිරිපත් කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත තමන් ඇතුළු කණ්ඩායම් බවද පැවසූ මන්ත්‍රීවරයා නමුත් අවාසනාවකට එවකට ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ගැන තැකීමක් නොකළ බවද කියා සිටියේය.

වත්මන් ආණ්ඩුව විසින් මේ මොහොතේ කරගෙන යන වැඩ කටයුතු සම්බන්ධයෙන් එකඟතාවයක් නැති බවද පවසන ඔහු ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඊට පෙර පොදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බව ද තවදුරටත් කියා සිටියේය.

ගුවන් විදුලි නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *