ඉදිරියේදී කිරිපිටි මිල ගණන් තවදුරටත් අඩු කිරීමට ප්‍රධාන කිරිපිටි සමාගම්වල නියෝජිතයින් එකඟතාවය පල කළ බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ගෝලීය වෙළෙඳපොළ මිල ගණන්වලට අනුගතව ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන කිරිපිටි මිල ගණන් අඩු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා පැවති සාකච්ඡාවක දී එම එකඟතාව පළ වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරියේදී කිරිපිටි මිල ගණන් පහළ හෙළීම සම්බන්ධයෙන් වන වාර්තාවක් වෙළෙඳ අමාත්‍යාංශය වෙත ලබා දීමට ද නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *