ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ලබන 25වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවට තමා උපුටා දක්වමින් පළ වන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සමගි ජන බලවේගය ප්‍රධාන සන්ධානයේ පක්ෂයක් බැවින් කිසි විටෙකත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හෝ වෙනත් රජයක කොටස්කරුවෙක් වීමට තම පක්ෂය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *