ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අදදින(2023.04.20) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැයි දින රැස්වීම පිළිබදව ආසන සංවිධායක වරු සමග පැවති රැස්වීමේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධායක සහ මාධ්‍ය උපදේශක චන්ද්‍රපාල ලියනගේ මහතා අදහස් දක්වමින් පවසා සිටියේ පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා මීළග ජනපතිවරණයදි ජයග්‍රහනය කර නැවත ජනාධිපති කරවීම සදහා මෙම මැයි දිනයදී පක්ෂයේ ශක්තිය උපරිමයෙන් පෙන්වීමට අපි සැවොම කටයුතු කල යුතු බවයි. එලෙසම ආසන මට්ටමින් ආරම්භ කර ඇති ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථකව කරන ගමන් ඒ සදහා මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දිම තුලින් ඉදිරි ජනපතිවරණයදි මෛත්‍රිපාල මැතිතුමාගේ ජයග්‍රහනයට කැප වෙන ලෙස ලියනගේ මහතා වැඩි දුරටත් දැනුවත් කරන ලදි.

මෙවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම මහනුවර නගරයේ මධ්‍යම වෙළදපොල අසලදි පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *