මහනුවර කොට්ඨාශයේ මුස්ලිම් දේවස්ථාන 203 විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

මෙලෙස ආරක්ෂාව ලබාදී ඇත්තේ මහනුවර අකුරණ හයේ කණුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්නාමික තොරතුර හේතුවෙන්.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාවද මෙම ආරක්ෂාවන් සඳහා යොදාවා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව දේවස්ථාන ආශ්‍රිතව විශේෂ පරික්ෂා කිරීම් සිදු කරන බවද මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *