අධික හිරු රශ්මිය සමඟ ඇතිවන විජලනය වළක්වා ගැනීමට කළ යුතු දේ ගැන ප්‍රජා වෛද්‍ය විශේෂඥ රංජිත් බටුවන්තුඩාව මහතා දැනුවත් කිරීමක් කර තිබෙනවා.

පිපාසය ඇතිවන තුරු නොසිට දවල් වරුවේ සෑම පැය භාගයකට වරක් 200 ml – 250 ml අතර ප්‍රමාණයක ජලය පානය කළ යුතුයි බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ.

එමෙන්ම ඔබගේ මුත්‍රාවල වර්ණය වෙනදාට වඩා වැඩි නම් පෙන්නුම් කරන්නේ ශරීරයේ ජල ප්‍රමාණය අඩු බව බැවින් ජලය වැඩිපුර පානය කරන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ රංජිත් බටුවන්තුඩාව මහතා දැනුම් දෙනවා.

උදේ 10-11 සහ සවස 3-4 කාල සීමා තුළ එළිමහන් කටයුතුවලින් ඉවත්වීම සුදුසු වන අතර එසේ කළ නොහැකි අවස්ථාවල කුඩයක් හෝ හිස් වැසුමක් භාවිත කළ යුතු බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ.

තවද කෘෂිකර්මාන්ත, ධීවර හා ආරක්ෂක වැනි එළිමහන් රැකියාවල නියුතුවන්නන් පිපාපාසය ඇතිවන තූරු නොසිට සෑම පැය භාගයකට වරක් ම ජලය පානය කළ යුතුයි.

අව් රශ්මියේ පැය 2-3 ක කාලයක් සිට පැමිණ වැඩි ජල ප්‍රමාණයක් එක දිගට පානය කිරීමෙන්ද ඔබ වැළකිය යුතු බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ රංජිත් බටුවන්තුඩාව මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *