පහළොස් හැවිරිදි පාසල් සිසුවෙක් නිවසේ තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ අම්පාර බණ්ඩාරදූව මායාදුන්න ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

පාසල් ගොස් නැවත නිවසට පැමිණි මෙම සිසුවා ගිනි අවිය රැගෙන නිවස පිටුපසට ගොස් වෙඩි තබාගෙන ඇති බවයි බණ්ඩාරදූව පොලිසිය පවසන්නේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ දරුවා අම්පාර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

කුමණ හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකරගන්නට ඇතිද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරදූව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *