එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ පරිසර හානිය වෙනුවෙන් වන්දි ඉල්ලා, සිංගප්පූරු අධිකරණයක් හමුවේ හෙට (24) නඩු පවරන බව, නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

නීතිපති සංජය රාජරත්නම් මහතා නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ, සිංගප්පූරුවේ නීතිඥ සමාගමකට එම කටයුතු භාරදී ඇති බවය.

අමාත්‍ය මණ්ඩලය අනුමැතිය යටතේ, එය සිදු කරන බව ද නීතිපතිවරයා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිපතිවරයා පැවසුවේ, අදාළ වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳව ඉදිරියේදී අධිකරණයට දැනුම්දීමට නියමිත බවයි.

ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් කැඳවා ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *