ජනාධිපති සිනමා සම්මාන උළෙල” මෙම වර්ෂයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින බව ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙහි සංවිධාන කටයුතු සිදුවන්නේ ජාතික චිත්‍රපටි සංස්ථාව විසින් බවයි වාර්තාවන්නේ.

ජනාධිපති සිනමා සම්මාන උළෙල සම්බන්ධව ජාතික චිත්‍රපටි සංස්ථාව සහ පෞද්ගලික අනුග්‍රාහක ආයතනය සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (25) දින සිදුවීමට නියමිතව තිබෙනවා.

එය, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ “ඇසිදිසි මැදුර” ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *