ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ලෝක සම්මත බැංකු මූලධර්ම අනුව ක්‍රියාත්මක වන ආයතනයක් හෙයින් එම ආයතනය සමඟ ගිවිසුම් ගතවීමේදී ක්‍රියාත්මක විය යුතු නියමිත පිළිවෙලක් ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මෙරට උපයන විට ගෙවිමේ බදු සම්බන්ධයෙන් කවර ඉල්ලීමක් කළ ද එවැනි ඉල්ලීම්වලට අවිධිමත් ලෙස අවසර දීමක් සිදු නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ජාත්‍යන්තරයට ගෙවිය යුතු ණය සහ පොලිය ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කර ගැනීම මේ වන විට මෙරටට ඇති ප්‍රධාන ඉලක්කයක් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එය සකසාගෙන එතුළින් ඇතිවන ආර්ථික තිරසරබව සමග ඉදිරියේදී සහනයක් ලබාදිය හැකි නම් පළමු අවස්ථාවේදීම රාජ්‍ය සේවකයන්ගේ උපයන විට ගෙවීමේ බදු සම්බන්ධයෙන් සහනයක් ලබාදීමට සාකච්ඡා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *