කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථගාල් හතරක් ඉදිකරන බව නාගරික සංවරධන හා නිවාස අමාත්‍යංශය පවසනවා.

නාගරික සංවරධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව මෙම රථගාල් ඉදිකරන බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කොළඹ ටෙලිකොම් ආයතනය ඉදිරිපිට, පැරණි මාළු වෙළඳපොළ සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල මෙම රථගාල් ඉදිකිරිමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *