සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ(25) රැස්වූ අතර එහිදී ස්ථාවර විනය කමිටුවක් පත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ආසන සංවිධායකවරුන් සහ මන්ත්‍රී කණ්ඩායම අතර රැස්වීම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

පක්ෂයේ ඉදිරි කටයුතු ගැන කතා කිරීමට එලෙස රැස්වූ බව එම රැස්වීමෙන් අනතුරුව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු මාධ්‍යයට ප්‍රකාශ කළා.

මේ අතර සුරේෂ් වඩිවේල් මන්ත්‍රීවරයා මාධ්‍ය මගහැර මගහැර වෙනත් දොරකින් පිටව ගොස් තිබුණා.

රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාද මාධ්‍යය ඉදිරියේ නිහඬව මගහැර ගියා.

රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ස්ථාවර විනය කමිටුවක් පත් කළ බවත් පක්ෂයේ විනයක් තිබිය යුතු බවත්ය.

“විපක්ෂ නායක තුමාට බලය තියෙනවා ඕනෙම විනය කඩ කිරීමක් පිළිබඳ සොයා බලන්න..සාමාජිකත්වය අත්හිටුවන්න එතුමාට බලයේ තියෙනවා..විනය කැඩුවොත් විනය කමිටුවට යොමුකරලා තීරණ ගන්නවා.” යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කියා සිටියා.

“සමගි ජන බලවේගය ජනතා අයිතීන් ආරක්ෂා කරන්නයි කටයුතු කරන්නේ.. නායකතුමා කිව්වේ ඕන කෙනෙක්ට යන්න දොර ඇරලා තියෙන්නෙ කියලා..සැලූන්දොර තියෙන්නෙ මහින්ද ගාව මේක එක පැත්තට යන දොරක්” යැයි විජිතමුණි සොයිසා මහතා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *