මෙරට භාවිතයට ගන්නා ඖෂධ වර්ග 1,347ක් පමණ පවතින අතර ඉන් 112ක් මේ වනවිටත් හිඟ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද(27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

එසේම වෛද්‍යවරුන් රට හැර යාම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩාල වෙමින් පවතින බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් රට හැරයාම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද පත් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *