දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින්.

ඒ අනුව වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දැනට පවතින පනත අහෝසි වනවා.

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත හදුන්වා දීමත් සමග ජනාධිපතිවරයා, මහ කෙමසාරිස්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කොමිෂන් සභා සාමාජිකයින් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව සඳහන්.

නව දූෂණ විරෝධී පනත තුළින් දූෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ හැකියාව පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *