වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ වරදක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පනවා ඇති කොන්දේසි තුළ අහිතකර යම් කොන්දේසියක් පවතින්නේ නම් එය ඔවුන් සමග සාකච්ඡා කර සරල කර ගැනීම හෝ ඉවත් කර ගැනීමේ හැකියාව පවතින බවයි.

පසුගිය වසර 40 ක කාලය තුළ ඇතැම් රාජ්‍ය නිළධාරින් විදේශ ණය මුදල් වලින් පවා බරපතල වංචා දූෂණ සිදුකර ඇති බවයි එම නිවේදනය මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම දැනට පනවා ඇති කොන්දේසි තුළ අප රටට හිතකර කොන්දේසි රැසක් පවතින බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් හෙට (28) දිනයේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගී වීමට නොහැකි බවයි එම නිවේදනය මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එම නිවේදනය පහතින්…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *