මෙවර මැයි දිනය සඳහා ගෝල්ෆේස් පිටිය ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ කල්වේලා ඇතිව ඉල්ලා සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

එහෙත් ඉන්පසුව ආණ්ඩුව ගෝල්ෆේස් පිටිය කිසිම දේශපාලන රැස්වීමකට ලබානොදෙන බව ප්‍රකාශ කර ඇතැයි ඔහු සඳහන් කළා.

මෙවර මැයි පෙළපාළිය සහ රැලිය පිළිබඳව දැනුම් දීම සඳහා පැවති මාධ්‍ය හමුවක දී ටිල්වින් සිල්වා මහතා මේබව කියා සිටියා.

“රනිල් වික්‍රමසිංහලාගේ ආණ්ඩුවෙන්මයි ටික කලකට පෙර ගෝල්ෆේස් පිටියේ මැයි දින බජව් පැවැත්වූයේ. ඒ වෙනුවෙන් ඉන්දියානු ගායකයෝත් ගෙන්වූවා. දැන් මැයි දින රැලියක්වත් පවත්වා ගන්න ඒ කිසිවෙකුටත් නොහැකි නිසා ජනතා විමුක්ති පෙරමුණේ රැලියට ගෝල්ෆෙස් පිටිය ලබාදීම වැළැක්වූවා.

මේ නිසා කොළඹ විහාරමහාදේවී උද්‍යානයත් නගර සභාවත් අතර තිබෙන මාවත මැයි රැලිය පැවැත්වීමට අපි වෙන්කර ගෙන තිබෙනවා. පෙළපාළිය බී.ආර්.සී. පිටියෙන් පටන් ගන්නවා. සවස 2.00ට පෙළපාළිය ආරම්භ කරන්නත් මැයි රැලිය සවස 4.00ට ආරම්භ කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙනුවෙන් මුළු රටම සූදානම් වෙමින් ඉන්නවා. ” යනුවෙන් ද ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *