උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා විශ්‍රාමික ගුරුවරුන්ගෙන් ද අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, 2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ගෙන් එලෙස අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ කැඳවන බවයි.

මේ අතර, උසස් පෙළ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන්ගෙන් යළි අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය හා විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළව ගුරුවරුන්ගෙන් මෙම අයදුම්පත් කැඳවනු ඇති.

ලබන මස 02 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින බව ද විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *