13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට සහ පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා ඉන්දියාව සහතික වීම යළිත් වරක් අවධාරණය කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා යළි අවධාරණය කර තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ, දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (29) හමුවූ අවස්ථාවේදී ය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ අභිලාෂයන් සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්වල තත්ත්වය පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුවත් කර තිබේ.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ නායක සෙල්වම් අඩෛක්කලනාදන්, දෙමළ ජනතා විමුක්ති පෙරමුණේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂ නායක වෙන්දන් යන පිරිස රැස්වීමට සහභාගී වූ බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝග ලබාදීමට සූදානම් බවත්, ශ්‍රී ලංකාවේ දැනට පවතින අර්බුදයන් කෙටි කාලීන බවත්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන් හොංග් මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කළේ, ඊයේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *