සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා තවදුරටත් සමගි ජන බලවේගය සමග සිටින්නේද ආණ්ඩුවට එක්වන්නේ යන්න ගැන ඉක්මනින්ම තීන්දුවක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව වඩිවෙල් සුරේෂ් මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ පාර්ශවය හා සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය සමග අද හෝ හෙට දිනයේ දී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

වතු ජනතාවගේ දෛනික වැටුප් වැඩි වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවද හෙතෙම සඳහන් කළේය.

මෙවර මැයි රැළියේ දී ඔහු කියා සිටියේ තම නායකයා වන සජිත් ප්‍රේමදාස මහතා වතුකරයේ ජනතාව සිල්ලරට ගණන් ගත යුතු නැති බවයි.

සජිත් ප්‍රේමදාස මහතා මඩොල්සිමට පැමිණ වතුකරයේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව දිය යුතු බවත් එසේ නොකළහොත් ඔහු සමඟ තමන් ඉදිරියට නොයන බවත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *