ඩෙංගු රෝගයට අමතරව පාචනය සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගවල වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා .

උණ සමග කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ රෝග ලක්ෂණ බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා එම පුවත්පතට සඳහන් කර තිබෙන්නේ.

එම රෝග ලක්ෂණ ඇති කුඩා දරුවන් මුඛ ආවරණ පළඳා නිවෙස් තුළ රඳවා තබා ගන්නා ලෙස දීපාල් පෙරේරා මහතා දැනුම් දී තිබෙනවා

වැඩිදුරටත් ඒ මහතා පවසන්නේ “දරුවාට දිය යුත්තේ විවේකය එමෙන්ම පැරසිටමෝල් මාත්‍රාවක් ලබා දෙන්න. උණ අඩු කර ගන්න මද උණු වතුරෙන් දරුවව තෙමන්න හැබැයි හුස්ම ගැනීමේ අපහසුතාවක් තියෙනවා නම් රෝහලක් වෙත රැගෙන යන්න.”යනුවෙනුයි

මේ අතර පසුගිය දිනවල පැවැති වර්ෂාපතනය සමග මැස්සන්ගේ බෝ වීම වැඩි වීම හේතුවෙන් පාචන තත්ත්වයේ යම් වැඩි වීමක් දක්නට ලැබෙන බවද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරනවා.

පාචන තත්ත්වය ඇති දරුවන්ට හැකි තරම් ස්වභාවික දියර ආහාර ලබා දෙන ලෙසද වෛද්‍යවරයා වැඩිදුරටත් දැනුම් දෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *