ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ඉදිරි දින කිහිපයේදී සුළි කුණාටුවක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන ධීවර යාත්‍රාකරුවන්ට සැලකිලිමත් විය යුතුයි.

මේ අතර, බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ දකුණු සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත්මේන්තුව සඳහන් කළේ ය.

බස්නාහිර හා දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන තද සුළං ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් ය.

මේ අතර, අධික වර්ෂාවත් සමග බදුල්ල, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *