2023 පළාත් පාලන ඡන්ද විමසීමට නාම යෝජනා භාර දුන් දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන් සඳහා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අපේක්ෂකයෙක් ලෙස නාමයෝජනා ලබාදුන් රාජ්‍ය නිලධාරීන් ඔවුන් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී ඇති පළාත් පාලන බල ප්‍රදේශයෙන් පිට වෙනත් ස්ථානයකට ස්ථාන මාරුකර නැවත සේවයට වාර්තා කිරීමට කටයුතු සම්පාදනය කළ යුතු බවයි අදාළ චක්‍රලේඛය මඟින් දක්වා තිබෙන්නේ.

එසේම අද (09) සිට ආයතන ප්‍රධානීන් විසින් නම් කරන සේවා ස්ථානයක් වෙත වාර්තා කළ යුතු බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ චක්‍රලේඛය පහතින්…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *