කළුතර සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ ඡායාරූප ලෙස හඟවමින්, සැකකරුගේ සත්‍ය ඡායාරූපයට සමානකම් ඇති තවත් ඡායාරුපයක සංසන්දනයක් මඟින් පෙන්වා තිබුනේ, මෙම කළුතර දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු, පසුගිය සමයේ පැවති අරගලයේ සිටි පුද්ගලයෙක් බවයි. එමෙන් ම මෙම ඡායාරූපය WhatsApp ඔස්සේ ද, බහුලව හුවමාරු වී තිබුණේ ඉහත පළමු ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා කළුතර දැරිය සම්බන්ධ සිදුවීමේ සැකකාර පුද්ගලයා බවට හඟවමින්.

මීට සමගාමීව පා.ම රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තු ප්‍රකාශනයක් කරන්නේ තවමත් පොහොට්ටු මන්ත්‍රීන්ගේ වගකීම් විරහිත බාවය සනාථ කරමිනි.

ඉහත පළමු ඡායාරූපයේ අරගලයේ සිටින අයුරු දැක්වෙන පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා අරගලයේ සක්‍රීය දායකත්වය සැපයූ සාමාජිකයන් කිහිපදෙනෙකුගෙන් තොරතුරු විමසා සිටියා. ඔවුන් සඳහන් කළේ, අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ නමින් ශාලික රුක්ෂාන් සේනාධීර නමැති කලාවට සම්බන්ධ පුද්ගලයෙකු‍ගේ ඡායාරූපයක් මෙලෙසින් අවභාවිත කොට අසත්‍ය පතුරුවන බවයි. එමෙන් ම අරගලයේදී දිස්ත්‍රික් සංවිධායක මෙන් ම වෙනත් තනතුරු හෝ සාමාජිකයන් අතර බෙදී ගිය නොගිය බවත් ඔවුන් තහවුරු කළා.

මේ පිළිබඳ Crescendo FACT ආයතනය කල විමර්ශනය මෙම Link එක හරහා පරිශීලනය කල හැක –https://srilanka.factcrescendo.com/2023/05/09/unrelated-images-go-viral-claiming-to-be-photos-of-the-kalutara-schoolgirl-murder/#

Leave a Reply

Your email address will not be published. Required fields are marked *