පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

1988 අංක 2 දරන පළාත් සභා මැතිවරණ පනත මෙලෙස සංශෝධනය කෙරෙන බව සඳහන්.

ඒ අනුව පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සඳහා වන සංශෝධන ඉදිරිපත් කිරීමට දින 14 ක කාලයක් පවතින අතර මෙය පාර්ලිමේන්තුවේ දී සම්මත වීමෙන් පසුව පනතක් ලෙස ගැසට් මගන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අනුව 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ සංශෝධන පනත අහෝසි වීම සිදුවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *