උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ලබන මසය තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, මේ වනවිට විෂයන් 2කට අදාළ පිළිතුරු පත් ඇගයීම් අවසන් කර ඇති බවයි.

තවත් විෂයන් 6ක පිළිතුරු පත් ඇගයීම ආරම්භ කර ඇති අතර සෙසු විෂයන්වල පිළිතුරු පත් ඇගයීම ලබන සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 10කදී එම කටයුතු සිදුවනු ඇති.

විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, මැයි 29 වැනිදා ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාග සමයේද ඊට බලපෑමක් නොවන පරිදි උසස් පෙළ ඇගයීම් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

පාසල් ඉගැන්වීම් කටයුතුවලට බාධාවක් නොවන පරදි ඒ සඳහා ගුරුවරුන් යොදා ගැනීමට පියවර ගෙන තිබේ.

අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, පිළිතුරු පත් ඇගයීම් අතරතුර ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ද අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය හා අවශ්‍ය ප්‍රමාණයට ඇගයීම් සඳහා ගුරුවරුන් අයැදුම් නොකිරීම යන හේතු මත මෙවර උසස් පෙළ විභාගයේ ඇගයීම් මාස දෙකහමාරකට අධික කාලයක් ප්‍රමාද විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *