තුර්කි මැතිවරණයේදී ජනාධිපති Recep Tayyip Erdogan සහ ඔහුගේ ප්‍රතිවාදී Kemal Kilicdaroglu අතර තරඟකාරී තත්ත්වය වැඩිවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එරට මැතිවරණ කවුන්සිලය පවසන්නේ Erdogan 49.49% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බවත් ඔහුගේ ප්‍රතිවාදියා වන Kemal Kilicdaroglu 44.79% ක් ලබා ඇති බවත් එරට මැතිවරණ කවුන්සිලය සඳහන් කරනවා.

මේ වනවිට ඡන්ද සියල්ලම ගණන් කර ඇති අතර එක් පාර්ශවයක් 50% ක් ලබා නොගන්නේ නම්, සති දෙකකින් දෙවන ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Erdogan තම පක්ෂ ආධාරකරුවන්ට පවසා ඇත්තේ අවශ්‍ය නම් දෙවන ඡන්ද විමසීමකට තමා සූදානම් නමුත් ඔහුට තවමත් සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කළ හැකි බව විශ්වාස කරන බවයි.

එමෙන්ම Kemal Kilicdaroglu ද දෙවන වටයේදී තමා මැතිවරණය ජයග්‍රහණය කරන බවට සපථ කර තිබෙනවා.

තුර්කි ජාතිකයන් මිලියන හැට හතරක් මෙම මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවත් ඔවුන්ගෙන් මිලියන පහක් වයස අවුරුදු 18 සහ 22 අතර පළමු වරට ඡන්දය දුන් අය බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වර්ත් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *