ෆාස්ටර් ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව CIDයට තවත් පැමිණිලි, ජෙරම්ගේ ප්‍රකාශය ආගමික සංහිදියාවට බාධාවක් ජාතිවාදය අවුස්සන අයගෙන් පරිස්සම්වන්න- කතෝලික සභාවෙන් ප්‍රකාශයක්

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

සර්වපාර්ශික අරගලකරුවෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී නිරාශාන් විතානගේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පලකලා. ‘මෙය කුමන්ත්‍රණයක් එම කුමන්ත්‍රණයට රාජපක්ෂ පවුලේ සම්බන්ධතාවයක් තියෙනවා. ජාතීන් අතර අසමගිය ඇති කිරීමත් ආගම් අතර සංහිඳියාව නැති වීමත් මේ මගින් සිදුවිය හැකි බවටයි ඔවුන් චෝදනා කරන්නේ…

‘ව්‍යාජ දිවැසි වරයෙක් නමින් පෙනි සිටින ජෙරම් ප්‍රනාන්දු නමින් පෙනී සිටින පුද්ගලයා විසින් මිරකල් dome කියන ස්ථානයේදී ප්‍රකාශයක් කරනවා.. ඉතාම වෛරී සහගත ආගම්වාදී සහ ආගමික ජනවාර්ගික සන්හිදියාවට සමගියටහානි කරවන ආකාරයේ ප්‍රකාශ කරමින් මේ රටේ නැවත ආගමික හා ජනවාර්ගික ගැටුමක් පීඩනයක් ජනතාව අතර වෛරය පැතිරවීම සඳහා උත්සාහ කිරීමක් අපි දකිනවා

අපි මේ පිළිබඳ පැමිණිලි කරන්නේ කොළඹ අපරාධ දෙපාර්තමේන්තුවට මේක පිටිපස්සේ දේශපාලන හස්තයක් ඇතැයි කියලා සැක කරන නිසා.

ඔහුගේ බලලා මල්ලෙන් එලියට පැන්නා, අපි ඔහුගේ ක්‍රියාකලාපය ගැන බලාගෙන ඉන්නෙ ඔහුගේ ඔහු විසින් ප්‍රකාශයක් කරනවා සිංහල බෞද්ධයන් හා කතෝලික වසර පන්සීයකට වඩා මේ රටේ පැවතිච්ච සාමය සමගිය දෙකඩ කරවන ආකාරයේ ප්‍රකාශයක් මොහු විසින් කරනවා. මේ ආකාරයේ ප්‍රකාශයක් කරද්දි අපිට පැහැදිලිව මතක් වෙනවා 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්කිරීමට කරපු නින්දා සහගත දෙශපාලන කුමන්ත්‍රණ.

මේ ඡායාරූපයෙ රාජපක්ෂ ඉන්නවා රාජපක්ෂ පවුලේ අය ඉන්නවා. ඒ වගේම ජෙරම් පෙනාන්දු ඉන්නවා. එවගේම මේ මැද මේ මෑතකදී අල් ජසීරා මාධ්‍ය ඔස්සේ සිම්බාබ්වේ රාජ්‍යයේ කලු සල්ලි කලු සල්ලි සල්ලි ක් එහෙම නැත්නම් අපරාධකරුවෙක් ඌබට් එන්න්ගල්.

අපි අපරාධ දෙපාර්තමේන්තුවට කියනවා දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවද නැද්ද කියලා පැහැදිලිව පරික්ෂා කරල මේ රටේ ආරක්ෂාව මේ රටේ ජනතාවගේ ආරක්ෂාව රටේ දේශපාලන ස්ථාවරභාවය ස්ථාවරභාවය රැකගන්න එකතු වෙන්න කියලා සහ ඉඩ දෙන්න කියලා අපි අපරාධ දෙපාර්තමේන්තුවට කියනවා.’ නීතිවේදී නිරාශාන් විතානගේ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *