උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද (17) දිනයේ සිදු කිරීමට නියමිතය.

සබරගමුව, ඌව, උතුර, නැගෙනහිර, වයඹ සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලය දන්වා ඇතැයි පසුගියදා වාර්තා විය.

නමුත් සති අන්තයේ ඊට ප්‍රතිචාර දැක්වූ ආණ්ඩුකාරවරුන් ප්‍රකාශ කළේ, එවැනි දැනුම්දීමක් ලිඛිතව සිදුකර නොමැති බැවින් තවදුරටත් අදාළ ධුරයේ කටයුතු කරන බවයි.

එහෙත් 15 වැනි දා පස්වරුවේ උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ වයඹ ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්ම මහත්මීන් ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එම පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද දින සිදු වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *