බෞද්ධාගම ඇතුළු අනෙකුත් ආගම් සඳහා අපහසාත්මක ප්‍රකාශයක් කරන ලද දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට ඇතිළුවන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කරයි.

ඔහු රටින් පිටව ගොස් සිටියදී විදෙස් ගමන් තහනම් වාරණ නියෝගයක් නිකුත් කර ඇතත් එම වාරණ නියෝගය ලැබුණු පසු රටින් පිට වීම සේම රටට ඇතුළුවීමද තහනම් බවත් හෙතෙම පැවසීය.

ඒ අනුව මෙරට ඇතුළු වන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේ දී ඔහු අත්අඩංගුවට ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

යම් හෙයකින් ඔහු ශ්‍රී ලංකාවට නොපැමිණ සිටියොත් එම තත්වයට අදාළව ජාත්‍යන්තර නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

‘පාස්ටර් ජෙරොම් රටින් පිටත් වෙලා තියෙනවා පසුගිය ඉරිදා දිනයේදී. ඔහු විදේශගත වුණු බවට වාර්තා වෙලා තියෙනවා. නමුත් විදේශ ගමන් තහනම අපි ලබා ගන්නේ 16 වැනිදායි. ඒ කියන්නේ සංචාරක ගමන් තහනමක් ලබා ගත්තම ඒ රටෙන් පිට වෙන්නත් බෑ. ඒ වගේම රටට ඇතුළු වෙන්නත් බෑ. ඒ අවස්ථා දෙකේදීම අත්අඩංගුවට පත්වීමක් සිදුවෙනවා’

පොලිස් මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *