කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ(19) රාත්‍රියේ පැවැත්වූ විරෝධතාවක් අතරතුරු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ , ඒ අතර පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන්ද වන බවයි.

විරෝධතාව පාලනයට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුළු තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

ශිෂ්‍ය මර්ධනයට හා ආණ්ඩුවේ ක්‍රියා කලාපයට එරෙහිව කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණි.

විරෝධතාව පාලනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලය අවට දැඩි ආරක්ෂාවක් ද යොදවා තිබූ අතර, ඊට පොලීසිය මෙන්ම පොලිස් කැරළි මර්දන නිලධාරීන්ද ස්ථාන ගත කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *