වෙලෙද අමාත්‍ය ලෙස සිටියදී සතොස සේවකයින් දේශපාලන කටයුතුවල යොදවා රජයට පාඩුවක් සිදු කලේ යයි එල්ල වී තිබූ චෝදනාවන්වලින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට අද කොලඹ මහාධිකරණය නියෝග කලේය.
අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත්තේ නීතියෙන් පරිබාහිරව බවත් මෙම නඩුව පවරා පවත්වාගෙන යා නොහැකි යයි විත්තිකරුවන් විසින් මූලික විරෝධතා ගොනුකර තිබිනි.
එම මූලික විරෝධතා සලකා බලමින් අධිකරණය විසින් මෙම නියෝගය අද දිනයේ නිකුත් කරන ලදී.