පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ නම් නව දේශපාලන පක්ෂය ජනරජ දිනය යෙදෙන අද (22 වැනිදා) ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පස්වරු 03ට එළිදැක්වීමට නියමිතය.

රට බංකොලොත් වී ඇති නිසාත් සාම්ප්‍රදායික දේශපාලන පක්‍ෂ කෙරෙහි ජනතාව පිළිකුල් වී ඇති නිසාත් නව දේශපාලන වේදිකාවක් සොයන ජනතාව වෙනුවෙන් තමන් මෙම දේශපාලන පෙරමුණ පිහිටුවා ගත් බව එතුමා පැවසීය.

තායිලන්තයේ පැවති මැතිවරණයේදී සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අතුගා දමා නව තාරුණ්‍ය දේශපාලන ව්‍යාපාරයක් වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කළ බවත් ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයකදීත් එයම සිදුවන බවත් එතුමා පැවසීය.

මේ තත්ත්වයම රටට අත්වන බවට කල් ඇතිව අනතුරු ඇඟවූ පුද්ගලයන් අත්දැකීම් ඇති වැඩිහිටියන් පිරිසක් ලෙස තමන් නව පක්ෂයක් පිහිටුවීම තුළින් බලාපොරොත්තු වන්නේ නව දේශපාලන වැඩපිළිවෙළකට වේදිකාවක් නිර්මාණය කිරීම බවද හෙතෙම අවධාරණය කළේය.

ණය බරින් මිරිකී සිටි රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරමින් ආදර්ශමත් පුද්ගලයකු ලෙස වසර තුනක් ඇතුළත රට පවතින තත්ත්වයෙන් මුදාගැනීමේ ප්‍රායෝගික ක්‍රියාපටිපාටියක් තමා සතුව පවතින බවද එතුමා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *