2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එබැවින් විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම හෙට (23) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මැයි 29 වනදා සිට ජුනි 08 වනදා දක්වා අ.පො.ස. සා.පෙළ විභාගය මධ්‍යස්ථාන 3568කදී පැවැත්වීමට නියමිතයි.

විභාග ප්‍රශ්න පත්‍රවල සඳහන් ප්‍රශ්න ලබා දෙන බවට අත්පත්‍රිකා, බැනර්, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ අනුමාන ප්‍රශ්න ඇතුලත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි එහි සඳහන් වන්නේ.

මෙම නියෝගයන් යම් තැනැත්තෙකු හෝ ආයතනයක් විසින් කඩකිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදුකරන්නේනම් පහත දැක්වෙන දුරකථන අංක ඔස්සේ ඒ පිළිබඳ දැනුවත් කරන මෙන් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පොලිස් මූලස්ථානය – 011 2421111

පොලිස් හදිසි ඇමතුම් අංකය – 119

විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය – 1911

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 0112784208 / 011 2784537

Leave a Reply

Your email address will not be published. Required fields are marked *